fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මස් වැද්දෙක් අලි පහරින් මරුට

    මස් වැද්දෙක් අලි පහරින් මරුට

    මාදුරුඔය රක්ෂිතයට සතුන් දඩයම් කිරීමට ඇතුළු වී යතුරු පැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇත.

    මෙම වන අලි ප්‍රහාරයට මෙම පුද්ගලයා ලක්ව ඇත්තේ ඊයේය.

    මහඔය උණුවතුර බුබුලේ පදිංචිකරුවෙක් වන 42 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව තිබේ.

    මෙම පුද්ගලයා සතුන් දඩයම් කිරීමට හක්කපටස්ද රැගෙන ගොස් ඇත. ඒ එක් හක්කපටස් එකක් වන අලියා විසින් මෙම පුද්ගලයාට පහරදෙන විට පුපුරා ගොස් ඔහුගේ මුහුණට දැඩිව හානි වී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.