fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු මාස 7දී සංචාරක ඉපැයීම ඇ.ඩොලර් බිලියනය පනී

    ගෙවුණු මාස 7දී සංචාරක ඉපැයීම ඇ.ඩොලර් බිලියනය පනී

    ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්‍ගේ ඉහළ යාමත් සමඟ ‍මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලද ඉපැයීම ඇමරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා තිබේ.

    ශ්‍රී ලංකා මහබැංකුවේ දත්ත වාර්තා පවසන පරිදි මෙරටට ආ සංචාරයකයන්ගෙන් ගෙවුණු ජූලි මාසයේදී ලද ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 219 කි.

    ඒ අනුව මේ වසරේ පළමු මාස ​​හත තුළ මුළු සංචාරක ඉපැයීම් ඇ.ඩො. බිලියන 1.094කි. එය 2022 වසරේ එම කාලය හා සසඳන විට 43.1% ක වර්ධනයකි.

    ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සංචාරකයින් 767,913ක් මෙරටට පැමිණීම තුළින් මෙම මුදල උපයා ඇත.

    2022 නොවැම්බර් මාසයේදී සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක සන්ධිස්ථානයකට ළඟා වූ නමුත් එම මුළු වසර සඳහාම සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.136 ක් විය.

    2021 වර්ෂයේදී සංචාරක අංශය උපයා ගත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 633ක් පමණකි.

    2020, එනම් වසංගතය ඇති වූ වර්ෂයේදී එම කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.08ක ආදායමක් උපයා ගැනීමට සමත් විය.

    2023 ජූලි මාසය Covid-19 වසංගතය ආරම්භයේ සිට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මාසික ඉපැයීම් සීමාව ඉක්මවා ගිය පළමු මාසය බවට ද පත්ව තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.