fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බසයෙන් ගෙදර යමින් සිටි බන්ධනාගාර නියාමකව පහර දී මරන්න හදලා

    බසයෙන් ගෙදර යමින් සිටි බන්ධනාගාර නියාමකව පහර දී මරන්න හදලා

    සේවය නිමවා නිවස බලා මගී බස් රථයකින් ගමන්කරමින් සිටි බන්ධනාගර නියාමකවරයෙකුට වැලිගම නගරයේදී පහරදී වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් වූ පාතාල අපරාධකරුවන් තිදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ප්‍රහාරයට ඔවුන් පැමිණි යතුරුපැදියක් හා ත්‍රීරෝද රථයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම හා දිකුකුඹුරේ පදිංචි අවුරුදු 23 හා 19 යන වයස්වල පසුවන්නන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ඔබේ අදහස් දක්වන්න.