fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගැසට්ටුව එයි -වතුර බිල වැඩිවෙන්නේ මෙහෙමයි

    ගැසට්ටුව එයි -වතුර බිල වැඩිවෙන්නේ මෙහෙමයි

    අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළව ජල ගාස්තු සංශෝධනයට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

    1974 අංක 02 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල නීතියේ 84 වගන්තිය යටතේ ජල සම්පාදන හා රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් මෙම දැනුම්දීම නිකුත් කර ඇත.

    භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව මෙම සංශෝධනය මගින් ජල ගාස්තු වැඩි කර ඇත.

    කෙසේ වෙතත් මෙම ගාස්තු සංශෝධනයේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ යාමක් සිදුව නොමැති බව සඳහන් ය.

    අනෙකුත් සියලුම අංශ සඳහා ජල ගාස්තුව ඉහළ දමා ඇත.

    ගෘහස්ථ ජල ගාස්තුව ද රු. 20 සිට පළමු ඒකක 05 සඳහා රු. නව ගාස්තු සංශෝධනයේදී ඒකකයකට රුපියල් 60 කි.

    ඊට අදාළ ගැසට්ටුව පහතින්.
    2343-28_S

    ඔබේ අදහස් දක්වන්න.