fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මීගමුවේ විශේෂඥ වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය හොරු බිඳියි

    මීගමුවේ විශේෂඥ වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය හොරු බිඳියි

    විශේෂඥ වෛද්‍යවරයෙකුට අයත් මීගමුවේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් බිඳ එහි මේස ලාච්චුවක තිබුණු රුපියල් ලක්ෂ තුනහාමාරක මුදලක් සොරාගෙන ඇතැයි මීගමුව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

    මීගමුව හලාවත පාරේ පිහිටි වෛද්‍යවරයාගේ නිවසට යාබදව මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටා ඇති බවත් මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ අලුයම් කාලයේදී බව පෙනී යන බවත් මීගමුව පොලීසිය කියයි.

    වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉදිරිපස දොර බිඳ මෙම සොරකම කර ඇති බවද පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.