තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුදන් වූ මවගේත් දියණියගේත් සිරුරු දින 3කට පසු ලඳු කැලෑවකින්

    අතුරුදන් වූ මවගේත් දියණියගේත් සිරුරු දින 3කට පසු ලඳු කැලෑවකින්

    අගුරුවාතොට ඌරුතුඩාවේ නිවසක පදිංචිව සිටි 24 හැවිරිදි මවගේත් මාස 11ක් වයසැති බිළින්දාගේත් සිරුරු අද උදෑසන ලඳු කැලෑවක වලක දමා තිබියදී හමුවී ඇත.

    අගුරුවාතොට පොලීසිය සඳහන් කරනු ලබන්නේ පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව කළ සෝදිසියකදී මෙම මවත් බිළිදාත් පදිංචිව සිටි නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි ලඳු කැළෑවක වලකට දමා තිබියදී මෙම සිරුරු හමුවූ බවය.

    මෙම මවත් දරුවාත් අතුරුදන්වන්නේ පසුගිය 18 වෙනිදාය. ඒ බව පොලීසියට පැමිණිලිකර ඇත්තේ මවගේ සැමියා විසිනි. නිවසේ තැන තැන සෝදා දැමූ ලේ පැල්ලම්ද තිබී පොලීසියට නිරීක්ෂණය වී තිබුණි. එබැවින් මෙම මරණය ගැන විමර්ශන පවත්වා තිබුණේ අපරාධයක් සේ සලකාය. එහිදී මෙම පවුලේ ඥාතියෙකුවද පොලිස් භාරයට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සිරුරු හමුවී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img