fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රී නිල නිවාසවල බැල්කනිවල මහ රෑ අද්භූත පුද්ගලයෙක් සැරිසරයි

    මන්ත්‍රී නිල නිවාසවල බැල්කනිවල මහ රෑ අද්භූත පුද්ගලයෙක් සැරිසරයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදයංග චාමින්ද කිරිගොඩ මහතාගේ පදිංචිව සිටින මදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසයේ බැල්කනියේ රාත්‍රී කාලයට කිසියම් පුද්ගලයෙකු සැරිසරන බැවින් එය සිය ජීවිතාරක්ෂාවට තර්ජනයක් බව සඳහන් ඒ මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක්කර තිබේ.

    මෙම නිවසේ තමා රැදී සිටින්නේ 22 හැවිරිදි සිය දියණිය සමඟ බවද මන්ත්‍රීවරයා පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන්කර ඇත.

    සිය නිවසේ බැල්කනියේ ඊයේ අලුයම් කාලයේද පුද්ගලයෙක් රැදී සිටිනු තමා දුටු බවත් ඔහු ගමන් කලේ යාබදව පිහිටි යුධ හමුදා නිලධාරීන් නවාතැන් ගෙන සිටින නිවස්නයේ උඩුමහලේ බැල්කනිය දෙසට බවත් මන්ත්‍රීවරයා පොලීසියට පවසා තිබේ.

    ඔබේ අදහස් දක්වන්න.