මෙරට සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා නාවික කිමිදුම්කාරිනිය සමඟින් ත්‍රිකුණාමලය මුහුදේ දියයට කිමිදීමට ගොස් තිබේ.
ඒ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ කිමිදුම් මූලස්ථානයේ සංචාරය කිරීමට ලද අවස්ථාවේදී ය.
ඩයිව් මාස්ටර්, එක්සත් ජනපද නාවික හමුදාවේ – ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් හවුල්කාරිත්වයේ දිගු ඉතිහාසයට උරුමකම් කියමින් අඛණ්ඩව එම සහයෝගීතාව පවත්වාගෙන යන බව තානාපතිවරිය පවසයි.
ත්‍රිකුණාමලය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ සුන්දර මුහුදු පතුල ගවේෂණය කිරීමට ද තමා ලද අවස්ථාව පිළිබඳ තානාපතිවරිය නාවික හමුදාව වෙත සිය ස්තූතිය ද පළකර සිටී.
“දිය යට කිමිදීමේ අවස්ථාවට අප හා එක්වීම පිළිබඳව නාවික හමුදා ප්‍රධානියාට සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා නාවික කිමිදුම්කාරියට ස්තුතියි! නායකත්වයේ සෑම තරාතිරමකම නියෝජනයක් ඉදිරියට ගෙනයමින් ජලය තුළටත් පිටතටත් නව ගැඹුරකට ළඟා වන මෙම නිර්භීත කාන්තාවන්ට සුබ පැතුම්.” යැයි ද තානාපතිවරිය පැවසුවාය.
දිය යට ඡායාරූප – ශ්‍රී ලංකා නාවික හමුදාව