fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆොටෝ ගන්න ගිය ප්‍රංශ තරුණියට සිතුල්පව්වේදී වන අලියෙක් පහර දෙයි

    ෆොටෝ ගන්න ගිය ප්‍රංශ තරුණියට සිතුල්පව්වේදී වන අලියෙක් පහර දෙයි

    සිතුල්පව්ව පූජි භූමිය නැරඹිමට පැමිණි ප්‍රංශ ජාතික සංචාරක කතක් වන අලි ප්‍රහාරයකට ලක්ව දෙබරවැව රෝහලට ඇතුලත්කර ඇත.

    ජූජා භූමියේ ආවාස කුටියට ගමන් කරන මාර්ගයේ සිටි වන අලියෙකුගේ ඡායාරූපයත් ගනිමින් සිටියදී ඇයට වන අලියා පහරදී ඇති බව කිරින්ද පොලීසිය කියයි.

    මෙම වන අලි ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඊයේ උදෑසන කාලයේදීය. ROMANE නැමැති 25 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

    මෙම ප්‍රංශ තරුණිය සිතුල්පව්ව පූජා භූමියට පැමිණ ඇත්තේ ප්‍රංශ ජාතික කණ්ඩායමක් සමඟ වෑන් රථයකිනි.

    ඔබේ අදහස් දක්වන්න.