ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරටදී රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් කිහිපදෙනකු හමුවී තිබේ.
එහිදී ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇත.
එමෙන්ම ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා අද පෙරවරුවේ දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
මේ අතර මෙරට තුළ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන ඉන්දීය ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවති බව අදානි පවසා තිබේ.
“කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය අඛණ්ඩව සංවර්ධනය කිරීම, MW 500 සුළං ව්‍යාපෘතිය, හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය සඳහා අපගේ අලුත් කිරීමේ බලශක්ති විශේෂඥතාව පුළුල් කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ව්‍යාපෘති මාලාවක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීම ගෞරවයක්” යැයි ගෞතම් අදානි පැවසීය.