fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහබැංකු පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද

    මහබැංකු පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද

    ශ්‍රී ලංකා මහ බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

    අද (20) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

    ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ.

    අනතුරුව, ප.ව 5.00 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි.

    ඉන් අනතුරුව,ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

    ඔබේ අදහස් දක්වන්න.