ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ද අවසන් තරගය දක්වා යෑම අපගේ අරමුණ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පැවැසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර එක්දින ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ සුදුසුකම් ලැබීමේ වටයට එක්වීමට සිදුවිය.
එම තරගාවලිය ඊයේ (18) සිම්බාබ්වේ රාජ්‍යයේ දී ආරම්භ වූ අතර ශ්‍රි ලංකාව මුහුණ දෙන පළමු තරගය අද(19) තවත් හෝරාවකින් පමණ එක්සත් ආරාබි එමිර් රාජ්‍ය සමඟ ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙම තරගාවලියට පැමිණීමේ දී ශ්‍රි ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව කුමක් දැයි මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ගෙන් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් ක්‍රිස් සිල්වර්වුඩ් අවසන් තරගය දක්වා ක්‍රීඩා කරමින් ලෝක කුසලානයට ක්‍රිඩා කිරීම ශ්‍රි ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බව පෙන්වා දුන්නේය.
අපේ කණ්ඩායම ගැන අපට බලාපොරොත්තුවක් තිබෙනවා. අපි හැමවිටම උත්සාහ කරන්නෙ අපට ඇති පීඩනය ඉවත්කරගෙන ක්‍රීඩා කිරිමයි. අපි ක්‍රීඩා කරන්නෙ ජයග්‍රහණය කරන්න. මෙම තරගාවලියට ඉතා හොඳ කණ්ඩායම් එක්ව සිටිනවා. ඉතිං අපි ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කරා යාමට බලාපොරොත්තු වෙනවා යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පැවැසීය.
මෙම තරගාවලියේ ඒ කණ්ඩායම යටතේ සත්කාරක සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, අමෙරිකා එක්සත් ජනපදය,නේපාලය සහ නෙදර්ලන්තය තරග කරන අතර, බී කාණ්ඩය යටතේ අයර්ලන්තය, ඕමානය, ස්කොට්ලන්තය, ශ්‍රි ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය තරග වදියි.