fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ 'ආසියාවේ උද්‍යාන නගරය' කරන සැලැස්මක්

    කොළඹ ‘ආසියාවේ උද්‍යාන නගරය’ කරන සැලැස්මක්

    spot_img

    කොළඹ නගරය සඳහා පාරිසරික හා දේශගුණික සැලැස්මක් සැකසීමට පියවර ගෙන තිබේ.

    මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීම මගින්, නැවත කොළඹ නගරය “ආසියාවේ උද්‍යාන නගරය” (Garden City of Asia) ලෙස දියුණු කිරීම කළ හැකි බව, කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

    සංඛ්‍යා ලේඛන වාර්තා අනුව කොළඹ නගරයේ පදිංචි ජනතාව 350,000 පමණ වන අතර රාත්‍රී කාලයේදී 600,000 පමණ ජනතාවක් සිටින බවත්, දිවා කාලයේ දී එය 1,250,000 පමණ වේ.

    එනමුත් කොළඹ පදිංචි ජනතාවට අමතරව විවිධ රැකියා, සේවා, ව්‍යාපාර, ආර්ථික, අධ්‍යාපන, සංචාරක කටයුතු සඳහා දේශීය විදේශීය හා විදේශියව ජීවත් වන ශ්‍රී ලාංකික පිරිස් රැසක් කොළඹ නගරයේ සිටින බව කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු තොරතුරු පෙන්වා දේ.

    දිවා කාලයේ දී 1,800,000 හා රාත්‍රී කාලයේ දී 750,000 දක්වා ජන ඝනත්වයන් වැඩි වන බවත් සඳහන් වේ.

    බාල තරුණ වැඩිමහල් සියලු දෙනාගේ මූලික පැවැත්ම උදෙසා ඉවහල් වන පිරිසිදු වාතාශ්‍රය, ජලය හා පාරිසරික තත්ත්වයන් නිර්මාණය කිරීම තුළින් වඩාත් උසස් මානසික සංතෘෂ්ඨියක් සහිත පුරවැසි සමාජයක් බිහිකිරිම, මෙම සැලැස්මේ අරමුණක් වේ.

    ඒ අනුව ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals) වෙත දෙස් විදෙස් ප්‍රචලිත කොළඹ නගරය පෙළගස්වන මූලික සැලැස්ම මෙය වනු ඇත.

    කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි, පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශයේ දී පසුගිය සතියේ දී පැවැත්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img