fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වංගුව ගද්දී රියදුරු විසිවෙයි - මගීන් 25 කගේ ජීවිත හමුදා සෙබලෙක් බේරාගනියි

    වංගුව ගද්දී රියදුරු විසිවෙයි – මගීන් 25 කගේ ජීවිත හමුදා සෙබලෙක් බේරාගනියි

    මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් උඩුදුම්බරදී වංගුවක් ගනිද්දී රියදුරු බස් රථයෙන් පිටතට විසිවී ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    බස් රථයේ ඒ වන විට මගීන් 25 දෙනෙක් පමණ සිට ඇත. පල්ලම් සහිත මාර්ගයක් වූ බස් රථය රියදුරු නොමැතිව පල්ලමකට ධාවනය වෙමින් තිබියදී බස් රථයේ සිටි හමුදාවේ සෙබලෙක් විසින් රියදුරු අසුනට එකවරම පැන තිරිංග ක්‍රියාත්මකකරමින් බස් රථය නතරකර ඇත. එසේ නොවන්නට අඩි 100ක පමණ ප්‍රපාතයකට බස් රථය පෙරලී මගී ජීවිත අවධානමකට ලක්වීමට ඉඩතිබී ඇත.

    මෙම මගී බස් රථය පුද්ගලික එකකි. උඩුදුම්බර පොලිස් ස්ථානය පසුකර මදදුරක් ඉදිරියට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

    බස් රථයේ රියදුරු අසුන සමඟ ඇති දොර විවෘත වී රියදුරු බසයෙන් විසිවී ඇති බවත් බස් රථයේ වේගයෙන් ගමන්කරමින් වංගුව ගැනීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවත් විිමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    රියදුරු මේ වන විට රෝහල්ගතකර ඇති බවත් ඔහුගේ කොන්දට හානි වී ඇති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.