තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මංගල උළෙලේ දැල්වූ මල් වෙඩිල්ල ජීවිතයක් ඩැහැගනී

    මංගල උළෙලේ දැල්වූ මල් වෙඩිල්ල ජීවිතයක් ඩැහැගනී

    මංගල උත්සවයක දැල්වූ මල්වෙඩිල්ලක් හිසේ වැදී එම මංගල උත්සවයට සහභාගිවී සිටි තරුණ ව්‍යාපාරිකයෙකු මියගොස් ඇත.

    මෙම මංගල උත්සවය තිබී ඇත්තේ තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රී කාලයේදීය.

    මෙසේ මියගොස් ඇත්තේ ධනුෂ්ක ලක්මාල් ජයතිලක නැමැති 31 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයෙකි.

    මෙම ව්‍යාපාරිකයා සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවය සහභාගි වී සිටියදී දැල්වූ මල්වෙඩිල්ලක් පත්තුනොවීම නිසා ඔහු එය නැවත දැල්වීමට යාමේදී එය පත්තුවී හිසේ වැදී ඇති බව පොලීසිය කියයි. මියගොස් ඇත්තේ ඔහුව රෝහල්ගත කිරීමෙන් අනතුරුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img