fbpx
තවත්
    මුල් පිටුවspecialදශක 4කට පසු කරළියට ආ එලිසබෙත් රැජිනගේ ඝාතන තැත

    දශක 4කට පසු කරළියට ආ එලිසබෙත් රැජිනගේ ඝාතන තැත

    දශක හතරකට පෙර බ්‍රිතාන්‍යයේ හිටපු දෙවන එලිසබෙත් මහ රැජින ඝාතන ක්‍රමන්ත්‍රනයක් පිළිබඳ වාර්තාවක් ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

    ඉකුත් වසරේදී දෙවන එලිසබෙත් මහ රැජින මරණයට පත්වීමෙන් අනතුරුව ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් 1983 වර්ෂයේදී මහ රැජින ඇමරිකා එක්සත් ජනපදයේ කළ සංචාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් කළ
    1983 එක්සත් ජනපදයේ සංචාරයකදී දෙවන එලිසබෙත් රැජින ඝාතන තර්ජනයකට මුහුණ දුන් බව අලුතින් නිකුත් කරන ලද FBI ලේඛන පෙන්වා දෙයි.

    අදාල වර්තා මගින් අනාවරණය වන්නේ මහ රැජින එක්සත් ජනපදයේ කළ සංචාරයේදී අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව විසින් ඝාතනය කිරීමට තැත්කර ඇති බවත් එම උත්සහය එෆ්.බී.අයි ආයතනය විසින් ව්‍යර්ථ කර ඇති බවත්ය.
    මෙම ඝාතන තැත සම්බන්ධයෙන් මුල්ම අනාවරණය කර ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ හී පොලිස් නිලධාරියෙකු විසිනුයි. අදාල නිලධාරීයා විසින් සැන් ෆ්‍රැන්සිස්කෝ හී පිහිටි අයර්ලන්ත බීම හලක නිරන්තරයෙන් යෑමට පුරුදුව සිට ඇත. ඒ් අනුව අදාල නිලධාරීයා විසින් එෆ්.බී.අයි ආයතනය වෙත දැණුම් දී ඇත්තේ ඒම බීම හලේ සිටින පුද්ගලයෙකු ලබා දුන් ඇමතුමක් සම්බන්ධයෙන් යම සැකයක් මතුවන බවයි.

    අදාල නිලධාරියා එෆ්.බී.අයි අයාතනයේ නියෝජිතයින් වෙත පවසා ඇත්තේ අදාල බීම හලේදී මුණ ගැසුණු පුද්ගලයෙකු තමන්ට පවසා ඇත්තේ, “උතුරු අයර්ලන්තයේදී රබර් උණ්ඩයකින් මරා දැමූ” තම දියණියගේ මරණයට තමා පලිගන්නා බවයි.

    ප්‍රසිද්ධියට පත් වාර්තාවන්ට අනුව 1983 පෙබරවාරි 4 වැනි දින මෙම තර්ජනය දෙවන එලිසබෙත් රැජින සහ ඇගේ සැමියා වන පිලිප් කුමරුගේ කැලිෆෝනියා සංචාරයට මාසයකට පමණ පෙර ලැබී තිබිණි.

    “ඔහු එලිසබෙත් රැජිනට හානියක් කිරීමට උත්සාහ කරන අතර එය රැජිනගේ බ්‍රිටැනියා රාජකීය යාත්‍රාව ගෝල්ඩන් ගේට් පාලමෙන් යටින් ගමන් කිරීමේ ඒ් මතට යම් වස්තුවක් අතහැර දැමීමෙන් හෝ එලිසබෙත් රැජින යොසෙමයිට් ජාතික වනෝද්‍යානයට ගිය විට ඇය මරා දැමීමට උත්සාහ කරයි.” යනුනේ අදාල ලේඛනයේ සඳහන්ව තිබේ.

    තර්ජනයට ප්‍රතිචාර වශයෙන්, “යාත්‍රාව ළං වන විට ගෝල්ඩන් ගේට් පාලමේ ඇවිදීමේ මාර්ග වසා දැමීමට” රහස් ඔත්තු සේවය සැලසුම් කර තිබුණි. එහෙත් රහස් ඔත්තු සේවා යොසෙමයිට් ජාතික වනෝද්‍යානයේදී ගනු ලැබූ පියවර මොනවාද යන්න පැහැදිලි නැත, නමුත් සංචාරය කිසිඳු බාදාවකින් තොරව ඉදිරියට ගිය අතර ඝාතන තැතට සැක පිට. අත්අඩංගුවට ගැනීම් පිළිබඳ කිසිදු තොරතුරක් එෆ්.බී.අයි ආයතනය I විසින් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

    එක්සත් ජනපද මාධ්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ පනතේ ඉල්ලීමකට අනුව සඳුදා දින එෆ්.බී.අයි හි තොරතුරු වෙබ් අඩවිය වන Vault වෙත පිටු 102ක හැඹිලිය උඩුගත කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කරුණුද අනාවරණය කරගැනීමට මාධ්‍ය වෙත හැකියාව ලැබිණි.

    1983 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළේ සංචාරය ඇතුළුව එක්සත් ජනපදයේ බොහෝ රාජ්‍ය සංචාර සඳහා මහ රැජින පැමිණියේ උතුරු අයර්ලන්තයේ පැවති දැඩි අර්බුදකාරී කාල සීමාව අතරතුරදීය.

    මේ අතර 1976 දී, දෙවන එලිසබෙත් රැජින ඇමරිකාවේ ද්විශත සංවත්සර සැමරුම සඳහා නිව් යෝර්ක් නගරයේ පැමිණියා. එහිදී “එංගලන්තය, අයර්ලන්තයෙන් ඉවත් වන්න” යනුවෙන් සඳහන් පුවරුවක් සහිත කුඩා ගුවන් යානයක් බැටරි උද්‍යානයට ඉහළින් පියාසර කලේය. ඒ් අනුව මේ සම්බන්ධයෙන් එම යානය පියාසර කළ ගුවන් නියමුවෙකුට සිතාසි නිකුත් කළ ආකාරයද අදාල ලේඛනවලින් හෙළි වේ.

    ඒ් අනුව මෙම වර්තාවලින් දිගින් දිගටම අනාවරණය වන්නේ අයර්ලන්ත කන්ඩායම් විසින් දිවංගත දෙවන එලිසබෙත් රැජිනට එක්සත් ජනපද භූමියේදී හානියක් කිරීමට අවස්ථා කීපකයදීම උත්සහ කර ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.