fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රථගාලේදී ආයුර්වේද වෛද්‍යවරයා මැරූ යාචකයා අල්ලයි

    රථගාලේදී ආයුර්වේද වෛද්‍යවරයා මැරූ යාචකයා අල්ලයි

    තලවතුගොඩ පිහිටි සුපිරි සාප්පු සංකීරණයක රථගාලේදී ආයුර්වේද වෛද්‍යවරයෙකුට පිහියකින් ඇන ඝාතනයකර පළාගොස් සැඟව සිටි යාචකයෙකුව වසරකට පසුව රාජගිරියේ සැරිසරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට තලංගම පොලීසිය සමත්ව ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ මෙම සැකකරු වැලිකඩ රාජගිරියේ රැදී සිටින බවට පොලීසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇති බවය.

    අත්අඩංගුවටගත් සැකකරු වෙල්පල්ලේ පදිංචි 45 හැවිරිදි අයෙකි. ඔහු අධික ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලීසිය කියයි.

    ඝාතනය වූ ආයුර්වේද වෛද්‍යවරයා තලාහේනේ පදිංචි කරුවෙක් වන නිශ්ශංක පෙරේරා (54) නැමැති අයෙකි.

    පසුගිය වසරේ අප්‍රේල් 26 වෙනිදා ඔහු සිය මෝටර් රථයෙන් සුපිරි සාප්පු සංකීර්ණයට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදි ගෙන මෝටර් රථය අසලට පැමිණි විට යාචකයෙක් ඔහු වෙත පැමිණ අතපා ඇති බව පොලීසිය කියයි. එහිදී ඔහුට මුදල් ලබාදීම වෛද්‍යවරයා ප්‍රතික්ෂේපකර ඔහුට රැකියාවක් කරන ලෙස අවවාද කර ඇති බව සඳහන්ය. ඒ ගැන උරණ වූ යාචකයා වෛද්‍යවරයා සමඟ බහින්බස් වී පිහියෙන් ඇන ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.