fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හබරාදූවේ වෙඩි පිට වෙඩි පත්තුවේ

    හබරාදූවේ වෙඩි පිට වෙඩි පත්තුවේ

    දරුවන් දෙදෙනා පාසලට ඇරලවා සිය බිරිඳ සමඟ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට අද (24) උදෑසන හබරාදූව හීනටිගල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනයකර ඇත.

    මෙම ඝාතනය 2013 වසරේ උණවටුනේදී සිදුවූ ද්විත්ව ඝාතනයකට සහ 2021 වසරේදී හබරාදූවේදී සිදුවූ ඝාතනයකට පළිගැනීමක් ලෙස සිදුව ඇති බවට සැකයක් මතුවී තිබේ.

    මෙම ඝාතන ත්‍රිත්වයටම මෙම පුද්ගලයාගේ සම්බන්ධයක් ඇති බව මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හබරාදූව පොලීසිය කියයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ තල්පේ හීනටියන පදිංචිකරුවෙක් වන ලක්ෂිත රුවන් කුමාර (37) නැමැති තිදරු පියෙකි. මෙම පුද්ගලයාට තැබූ වෙඩිල්ලක් බිරිඳගේ ගෙලට වැදී ඇත. ඇය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.

    යුද හමුදාවේ කලක් සේවයකර ඇති මෙම පුද්ගලයා නැගෙනහිර පළාතේ මහා ඇමතිවරයෙක් ලෙස සේවය කළ හිටපු අමාත්‍යවරයෙකුගේ රියදුරු ලෙසද කටයුතුකර ඇති අයෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.