fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අලුත් අවුරුද්දට ඉන්ධන කෝටාව ඉහළ දැමේ

    අලුත් අවුරුද්දට ඉන්ධන කෝටාව ඉහළ දැමේ

    අවුරුදු සමයේ ජනතාවට ගම්බිම් බලා යාමට ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණයකර තිබේ.

    අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මීට පෙර සැලසුම් කළ අයුරින් මෙලෙස වැඩිකරන ඉන්ධන කෝටාවට අවශ්‍ය තරම් ඉන්ධන ඇනවුම් කර මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවද ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්ය. ඉන්ධන කෝටාව වැඩිවන ආකාරය ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.