fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන බෙදන්න බාධාකරන සේවකයින් ඉවත් කරන්න ඇමති නියෝග

    ඉන්ධන බෙදන්න බාධාකරන සේවකයින් ඉවත් කරන්න ඇමති නියෝග

    ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල බාධාකරන සහ අනෙකුත් සේවකයින්ගේ කටයුතුවලට බාධා කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සේවකයින් සේවයෙන් ඉවත් කිරීමටත් අවශ්‍ය නිසි නීතිමය පියවර ගැනීමත් කටයුතු කරන ලෙස බලධාරීන්ට දැනුම් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    මේවන ඛණිත තෙල් සංස්ථාවේ සේවකයින් පවත්වන විරෝධතාවය සම්බන්ධයෙන් ට්විටර් සටහන් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන්කර සිටියේ තමන් ඛණිඩ තෙල් බෙදා හැරීම් වලට බාදා පනවන සේවකයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා ගැනීමටත් සේවයෙන් ඉවත් කිරීමටත් කටයුතු කරණ ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හී සභාපිතට උපදෙස් ලබාදුන් බවයි.

    දිවයින පුරා සිටින අප වාර්තා කරුවන් සඳහන් කළේ ඉන්ධන පිරවුම් හල් වල විශාල වශයෙන් ජනතාව රැස්ව ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.