නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමරවලට පැමිණීම තහනම් කර තිබියදීත්, කාන්තා අධ්‍යාපනය සඳහා දිගින් දිගටම හඩ නැගූ ඇෆ්ගනිස්ථාන ක්‍රියාකාරිකයෙකුව එරට තලේබාන් පාලනය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තිස් හැවිරිදි වියේ පසුවන මතියුල්ලා වෙසා හට පසුගිය කාලය පුරාවමට විවිධ තර්ජන එල්ල වීය. එහෙත් ඔහු වසර ගණනාවක් ඇෆ්ගනිස්ථානය පුරා සංචාරය කර සියලු දරුවන්ට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට උත්සාහ කළේය.
මෙලෙස වෙසා තලේබාන් අත්අඩංගුවේ සිටින්නේ මන්දැයි තලේබාන් සංවිධානය තවමත් නිල ප්‍රකාශ නිකුත් කිරීමට පියවර ගෙන නොමැති අතර වෙසා අත් අඩංගුවට ගැනීමත් සමගම ඔහුගේ නිවසද වැටලීමටද තලේබාන් ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
කෙසේවෙතත් වෙසාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් උද්ඝෝෂණවල නිරත වූ තවත් ක්‍රියාකාරීන් ගණනාවක් රඳවා තබා ගැනීමෙන් පසුව වීමද විශේෂත්වයකි.
පෙබරවාරි මාසයේදී තලෙයිබාන් ආන්ඩුව විසින් කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කිරීම පිලිබඳ සෘජු විවේචකයෙකු වූ මහාචාර්ය ඉස්මයිල් මාෂාල් කාබුල්හිදී නොමිලේ පොත් බෙදා දෙමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු මාර්තු 5 වන දින නිදහස් කරන ලද නමුත් එතැන් සිට ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.
වෙසා ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛතම අධ්‍යාපන ක්‍රියාකාරිකයෙකු වන අතර, ඔහුගේ පුණ්‍යායතනය වන PenPath හරහා, 2021 දී තලේබාන් සංවිධානය කාන්තා අධ්‍යාපනය තහනම් කළ දා සිට ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කරමින් සිටී.