fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆවුසි මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

    ෆවුසි මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඒ.එච්.එම්. ෆවුසි මහතා අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහකා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් මහතා කොළඹ මහානගර සභාවේ නගරාධිපතිධූර අපේක්ෂකත්වය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවුණු මන්ත්‍රී පුරප්පාඩුවට මෙසේ ඒ.එච්.එම් ෆවුසි මහතා දිවුරුම් දී ඇත.

    පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමිවූ ඒ.එච්.එම් ෆවුසි මහතාට මනාප 48,701ක් හිමිව 07 වැනි ස්ථානයේ පසුවිය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.