තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔවුන් වෙනුවෙන් හෙට නිහඬ වෙමු

    ඔවුන් වෙනුවෙන් හෙට නිහඬ වෙමු

    සුනාමි ව්‍යවසනයෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කිරීමට වාර්ෂිකව පවත්වන ජාතික සුරක්ෂීත දිනය හෙට (26) යෙදී තිබෙන අතර ඊට සමගාමීව විනාඩි දෙකක නිහඬතාවයක් මෙවරත් පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව හෙට දිනයේ පෙරවරු 9.25 සිට 9.27 දක්වා කාලය නිහඩතාවයක් පැවැත්වීමට නියමිත බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනිදා මෙරටට බලපෑ සුනාමි තත්ත්වයෙන් විශාල පිරිසකට දිවි අහිමූ අතර තවත් විශාල පිරිසකට සිය උන්හිටි තැන් අහිමි විය. මෙම ව්‍යවසනයෙන් ජිවිත අහිමි වූවන් සහ අපාදා වලින් ජීවිතය අහිමිවූවන් සිහිපත් කිරීමට 2006 වර්ෂයේ සිට ජාතික සුරක්ෂිත දිනය ක්‍රියාත්මකය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img