fbpx
තවත්
    මුල් පිටුවspecialනවීන සමාජවාදී බලවතෙකු වෙන්න චීනය කෘෂිකාර්මික විප්ලවයට සැරසෙයි

    නවීන සමාජවාදී බලවතෙකු වෙන්න චීනය කෘෂිකාර්මික විප්ලවයට සැරසෙයි

    චීනය කෘෂිකාර්මික වශයෙන් සවිබල ගැන්විය යුතු බව අවධාරණය කෙරේ.

    පාලක කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ කෘෂි කාර්ය සමුළුව දෙසැම්බර් 23, 24 දෙදින බෙයිජිං අගනුවර දී පැවැත්විණ.

    මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී දේශනයක් පවත්වමින් පෙන්වා දුන්නේ, ග්‍රාමීය පුනර්ජීවනය සහතික කර, කෘෂිකාර්මික සංවර්ධනය සාක්ෂාත් කළයුතු බවයි. එය චීනය නවීන සමාජවාදී බලවතෙකු බවට පත්කිරීමේ ප්‍රධානතම උපායමාර්ගයක් බව ද ජනාධිපතිවරයා පැවසීය.

    රටක් ස්ථාවර වීමට නම්, කෘෂිකාර්මික වශයෙන් ශක්තිමත් විය යුතු ය. ඒ සඳහා ආහාර හා ප්‍රධාන කෘෂි නිෂ්පාදිත සැපයුම් ස්ථාවර සහ ආරක්ෂිත මට්ටමක රඳවාගත යුතුය.

    එසේම, මානව, භෞතික හා මූල්‍ය සම්පත් ග්‍රාමීය පුනර්ජීවනය වෙනුවෙන් වැඩි වශයෙන් යොදා ගත යුතු බවත්, ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ය.

    2023 වසරේ චීන ග්‍රාමීය පුනර්ජීවනය උදෙසා වන සැලසුම් මෙවර කෘෂි කාර්ය සමුළුවේ දී පුළුල් අවධානයට ලක්විය.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.