fbpx
තවත්
    මුල් පිටුවspecialයුක්රේනය ගැන සාකච්ඡා කරන්න පුටින් ලෑස්තියි

    යුක්රේනය ගැන සාකච්ඡා කරන්න පුටින් ලෑස්තියි

    යුක්රේනයේ යුද්ධයට සම්බන්ධ සියලුම පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමට රුසියාව සූදානම් නමුත් කියෙව් සහ එහි බටහිර ආධාරකරුවන් සාකච්ඡාවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරිදා විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

    එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් රුසියාව දෙකඩ කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් “නිවැරදි දිශාවට” ක්‍රියා කරන බවද පුටින් එහිදී පැවසීය.

    “අපි නිවැරදි දිශාවට ක්‍රියා කරන බව මම විශ්වාස කරනවා, අපි අපේ ජාතික අවශ්‍යතා, අපගේ පුරවැසියන්ගේ, අපගේ ජනතාවගේ අවශ්‍යතා ආරක්ෂා කරනවා. අපගේ පුරවැසියන් ආරක්ෂා කිරීම හැර අපට වෙනත් විකල්පයක් නැත,” පුටින් පැවසීය.

    බටහිර සමඟ ගෝලීය දේශපාලන ගැටුම භයානක මට්ටමකට ළඟා වෙමින් තිබේදැයි ඇසූ විට පුටින් පැවසුවේ “එය එතරම් භයානක යැයි මම හිතන්නේ නැහැ” යනුවෙනි.

    2014 දී මයිඩාන් විප්ලවයේ විරෝධතාවලදී රුසියානු හිතවාදී ජනාධිපතිවරයකු පෙරළා දැමීමෙන් බටහිරයන් යුක්රේනයේ ගැටුම ආරම්භ කළ බව පුටින් පැවසීය.

    එම විප්ලවයෙන් ඉක්බිතිව රුසියාව ක්‍රිමියාව යුක්‍රේනයෙන් ඈඳාගත් අතර රුසියානු සහය ලබන බෙදුම්වාදී හමුදා නැගෙනහිර යුක්‍රේනයේ යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට පටන් ගත්හ.

    “ඇත්ත වශයෙන්ම, මෙහි මූලික දෙය වන්නේ රුසියාව, ඓතිහාසික රුසියාව වෙන් කිරීම ඉලක්ක කරගත් අපගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තියයි,” යනුවෙන්ද පුටින් පැවසීය.

    රුසියාව විසින් යුක්‍රේනයේ සිදුකරන විශේෂ යුද මෙහෙයුම් 1991 දී සෝවියට් සංගමයේ බිඳවැට්ටීමට කටයුතු කළ බටහිර බලවේග වලට එරෙහිව නැගීසිටීමක් ලෙසද පුටින් විසින් හඳුන්වා දී ඇති අතර එමගින් මෙම යුද මෙහෙයුම් සමස්ථ රුසියානු විරෝධී බලවේග වලට එරෙහිව සිදුකරන සටන් බවද හෙතෙම පෙන්වා දී ඇත.

    රුසියාව අද්විතීය රටක් බවත් එහි අතිමහත් ජනතාවක් එය ආරක්ෂාක කිරීමට එක්ව සිටින බවද ප්‍රකාශ කළ රුසියානු ජනාධිපතිවරයා තමන් ඒ වෙනුනේ කැපවෙන බවද පැවසීය. “අපගේ පුරවැසියන්ගෙන් සියයට අනූනවයයි දශම නවයක්ම මාතෘ භූමියේ අවශ්‍යතා සහ එය ආරක්ෂා කිරීමට ඕනෑම සෑම දෙයක්ම කිරීමට සූදානම්.,” බවද හෙතෙම පැවසීය.

    රුසියාවේ මෙම වසරේ පෙබරවාරි 24 යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇති වූ මාරාන්තික ගැටුම නිර්මානය විය. එමෙන්ම 1962 කියුබානු මිසයිල අර්බුදයෙන් පසු මොස්කව් සහ බටහිර අතර විශාලතම ගැටුමද මෙය වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.