fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුනුවිල නායයාමෙන් එකම පවුලේ අක්කයි මල්ලියි මරුට

    දුනුවිල නායයාමෙන් එකම පවුලේ අක්කයි මල්ලියි මරුට

    අලවතුගොඩ දුනුවිල ප්‍රදේශයට පැවති අධික වර්ෂාව හේතුවෙන් පස් කන්දක් සමඟ ගලක් නිවසක් මත කඩා වැටී ඇති පස් කන්දට යටවී සිටි ළමුන් තිදෙනාගෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අලවතුගොඩ පොලිසිය, ප්‍රදේශවාසීන් හා එක්ව පස් කන්දට යටවී සිටි ළමුන් තිදෙනා සොයා මෙහෙයුමක් දියත් කිරීමේදී මව, පියා, ගැහැණු දැරියන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු ආපදා තත්ත්වයෙන් මුදාගෙන ජම්බුගස්පිටිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

    එහිදී දැරියක් සහ පිරිමි දරුවා මියගොස් ඇති බවට වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබේ.

    තුවාල ලබා සිටි දැරියක් වැඩිදුර ප්‍රථිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරැ කර යවා ඇත.

    මියගිය දැරිය වයස අවුරුදු 18 ක් වන අතර, මියගිය දරුවා වයස අවුරුදු 16 ක් වන දුනුවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.