fbpx
තවත්
    මුල් පිටුවspecialලෝකයටම හොරෙන් යුක්‍රේන ජනපති ඇමරිකාවට ඇවිත් ගියහැටි

    ලෝකයටම හොරෙන් යුක්‍රේන ජනපති ඇමරිකාවට ඇවිත් ගියහැටි

    මෑත ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර අවදානයක් දිනාගත් සිදුවීමක් බවට මෙම සතියේදී යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අමෙරිකා එක්සත් ජනපදයේ කළ සංචාරය සඳහන් කළ හැකිය.

    එය මෑත ඉතිහාසයේ රහසිගතවම සිදුවූ විදේශ සංචාරයක් වූ අතර එය ඉතා සූක්ෂම සැලැසුමකට අනුව සිදුවූ රහසිගත මෙහෙයුමක් විය. මෙලෙස ඉතා සූක්ෂම ආකාරයෙන් යුක්‍රේන ජනාධිතිවරයා එක්සත් ජනපදයට පැමිණීම දෙරෙටේ සම්බන්ධය කෙතරම් තීරණාත්මකද යන්න පෙන්නුම් කරන බවට කදිම නිදසුනකි.

    ඒ අනුව මෙම සතියේ අඟහරුවාදා නැඟෙනහිර යුක්රේනයේ යුද ගැටුම් පැවති ඉදිරි පෙළට පැමිණීමෙන් පසු, යුක්‍රේන ජනාධිතිවරයා විසින් වොෂින්ටනය වෙත පැමිණීමට ප්‍රථමයෙන් එක් රැයකින් පොලන්තයට ඉතා රහසිගතව පෝලන්තයට දුම්රයෙන් පැමිණියේය. පසුව නේටෝ ඔත්තු-ගුවන් යානයක් සහ එකස් ජනපදයට අයත් F-15 ප්‍රහාරක ජෙට් යානයක සහාය ඇතිව එක්සත් ජනපද ගුවන් හමුදා ගුවන් යානයකට ගොඩවූවේය.

    කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපතිවරයාගේ වොෂින්ටන් සංචාරය පිළිබඳ වාර්තා මේ සතියේ මුලදී සංසරණය වීමට පටන් ගත් නමුත්, යුක්රේනයේ නායකයා එක්සත් ජනපද අගනුවරට ආරක්ෂිතව ගමන් කරමින් සිටින බවට එක්සත් ජනපද නිලධාරීන්ට බදාදා උදෑසන ප්‍රකාශ කරන තුරුම එය තහවුරු නොවීය.

    වාර්තා වන අන්දමට අදාල සංචාරය මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා කර ඇති නමුත් අවසාන සූදානම් කඩිනමින් සිදු කරන ලදී. මේ අතර දෙසැම්බර් 11 වන දින දෙරටේ ජනාධිපතිවරුන් සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර දින තුනකට පසුව සෙලෙන්ස්කි හට ආරාධනාවක් එක්සන් ජනපදයෙන් ලැබිණි. ඒ අනුව අවසාන සැලසුම් ක්‍රියාත්මක කරනු ලැබුවේ සංචාරය තහවුරු කිරීමෙන් පසුවයි.

    මෙහි විශේෂත්වය වන්නේ, අදාල සංචරය සම්බන්ධයෙන් නිල තොරතුරක් නිකුත් නොවීමයි. සමාන්‍ය කාලයන් හිදී පවා එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු හට අධික ආරක්ෂාවක් හිමිවන අතර ඊට සාපෙක්ෂව මෙවැනි කාලයකදි එක්සත ජනපද ජනාධිපතිවරයාට දැඩි ආරක්ෂාවක් සැපයීම සමාන්‍ය කාරණයකි.

    රුසියානු මිසයිල යුක්රේනයට දිගින් දිගටම එල්ලවන පසුබිමක යුක්‍රේනය හරහා ගුවන් ගමන් සිදුකිරීම දැඩි අවදානම්කාරී තත්ත්වයක් බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසයි යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යුක්රේනය හරහා පෝලන්තයට රහසිගත දුම්රියකින් ගමන් කිරීමට තීරණය කරනු ලැබීම සිදුවුයේ. එහිදී ඔහු බදාදා අලුයම මායිම් නගරයක් වන Przemysl හි දුම්රිය දී දැකගත හැකි විය.

    පෝලන්ත රූපවාහිනි නාලිකාවල විකාශනය වූ පින්තූරවල දැක්වූයේ සෙලෙන්ස්කි ඇතුළු පිරිවරක් පසුබිමේ නිල් සහ කහ යුක්රේන දුම්රියක සිටින ආකාරයයි.

    ඉන් අනුතුරුව වැඩි කාලයක් ගතවීමට මත්තෙන්, පියාසැරි දත්ත පෙන්නුම් කළේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ බෝයිං C-40B – යානයක් සෙලෙන්ස්කි ජනාධිති ගොඩවී ඇති බවයි.

    අදාල යානය වයඹ දෙසින් එක්සත් රාජධානිය දෙසට ගමන් කළ නමුත් එය උතුරු මුහුදට ඉහළින් ඇති ගුවන් කලාපයට ඇතුළු වීමට පෙර, නේටෝ ඔත්තු බැලීමේ ගුවන් යානයක් එම ප්‍රදේශය පරිලෝකනය කළේය. මීට හේතු වූයේ මුහුද රුසියානු සබ්මැරීන අදාල කළාපය පුරා නිරන්තරයේම මුර සංචාරයන් හී නිතරවන බැවිණි.

    ඉන් අනතුරුව යානය එංගලන්තයේ කඳවුරකින් ගුවන්ගත වූ එක්සත් ජනපද F-15 ප්‍රහාරක ජෙට් යානයක් ගමනේ ඉතිරි කොටස සඳහා ආරක්ෂාව සැපයීම සිදු කළේය.

    අවසාන වශයෙන්, වොෂින්ටනයේදී දහවල් පමණ -ගුවන්ගත වී පැය 10 කට ආසන්න කාලයක් සහ යුක්රේන තවත් පැය ගණනාවක දුමරිය ගමනකින් පසු යුක්‍රේන ජනාධිපතිවරයා රැගත් යානය වොෂින්ටනයට ගොඩ බැස්සේය.

    එක්සත් ජනපදයට පැමිණීමත් සමඟම ඇමරිකානු ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන සීක්‍රට් සර්විස් හී ආරක්ෂාව ලබා දෙන ලදී.

    “රුසියාවට ඇමරිකාව තුල සම්පත් ඇති බවත්, යමක් කිරීමට උත්සාහ කළ හැකි බවත් අපි හොඳින් දන්නවා,” යනුවෙන් එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ABC පුවත් සේවයට පැවසීය.

    සංචාරය සුමටව සිදු වූ බවක් පෙනෙන්නට තිබූ අතර බ්‍රහස්පතින්දා වන විට සෙලෙන්ස්කි ජනාධිපතිවරයා යුරෝපයට පැමිණ සිටි අතර, ඔහු තම සගයා වන ඇන්ඩ්‍රෙජ් ඩුඩා හමුවීමට පෝලන්තයේ නතර වූ බව ටෙලිග්‍රාම් හි පළ කළේය.
    ඒ අනුව මෙම සංචාරය ඉතා සූක්ෂම සහ දැඩි සැලසුමකට අනුව සිදුවූ අතර එය රුසියාව උරණ කරන සිදුවීමක් වූ බවට නොරහසකි. මෙම සංචාරය සම්බන්ධයෙන් රුසියාව පවසා ඇත්තේ අදාල සංචාරයෙන් පෙන්නුම් කරනු ලබන්නේ යුක්‍රේනයට හෝ එක්සත් ජනපදයට සාමය අවශ්‍ය නොවන බවයි.

    කෙසේවෙතත් මේවන විට යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් විවිධ මත පළවන අතර ඒ සම්බන්ධනේ බටහිර මාධ්‍ය නිසි ලෙස වාර්තා නොකරන බවටද චෝදනා එල්ල වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.