තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මොළය මියගිය අයගේ අවයව ගුවනින් ප්‍රවාහනය ගුවන් හමුදාවට බාරයි

    මොළය මියගිය අයගේ අවයව ගුවනින් ප්‍රවාහනය ගුවන් හමුදාවට බාරයි

    හදිසි අනතුරු හා අපදාවන්ට ලක්ව මොළය මියගිය පුද්ගලයින්ගේ අවයව වෙනත් පුද්ගලයකුට බද්ධ කිරීම සදහා ගුවනින් ප්‍රවාහනය කිරීමට අදාල අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අත්සන් තබා තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව, ගුවන් හමුදාව මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

    මෙහිදි මුලික වශයෙන් සිදුකරනු ලබන්නේ හදිසි ආපදාවකින් හෝ අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු,භාරකරැවනගේ කැමැත්ත මත ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීමට ඉතා ඉක්මනින් රොහලක් වෙත ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප‍්‍රවාහනය කිරිමයි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් C-130, AN-32, MA-60, Y-12, MI-17, Bell-412, Bell-212 සහ Bell-206 යන ගුවන් යානා මගින් මෙම රෝගි පුද්ගලයන් හා අවයව ප්‍රවාහන කටයුතු සිදුකිරිමට නියමිතව ඇත.

    ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනුවෙන් එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වීසින් අත්සන් තැබිම පසුගිය දා (21) මෙය ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img