තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් කතක් හපා කා පහරදුන් බුද්ධි නිලධාරියා අත්අඩංගුවට

    පොලිස් කතක් හපා කා පහරදුන් බුද්ධි නිලධාරියා අත්අඩංගුවට

    මිල්ලනිය පොලිසියට අනුයුක්තව සේවයේ නිරත කාන්තා පොලිස් කොස්තාපල්වරියක්ව හබරාදූවේ පිහිටි හෝටලයකට රැගෙන ගොස් ඇයට පහරදී ඇගේ සිරුර හපා කෑ බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුව ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සිදුවීම වී තිබුණේ පසුගිය 28 වෙනිදාය. ඇය නිවාඩු ලබා සිය නිවසට යමින් සිටියදී ගාල්ල නගරයේදී ඇගේ පෙම්වතා වන බුද්ධි අංශ පොලිස් කොස්තාපල්වරයා ඇයව මුණ ගැසී තිබේ. දෙදෙනා සමනල පාලම ආසන්නයේ ඇති අවන්හලකින් තේ බී පසුව පොලිස් කොස්තාපල්වරයාගේ යතුරු පැදියේ නැගී හබරාදූවේ හෝටල් කාමරයකට ගොස් ඇත.

    එහිදී බුද්ධි අංශයේ කොස්තාපල්වරයා ඇගේ ජංගම දුරකතනය අතට ගෙන පරීක්ෂාකරමින් සිටියදී එහි තිබුණු කොස්තාපල්වරයෙකුගේ ජායාරූපයක් දැක ඒ සම්බන්ධයෙන් සැකසිතා ඒ ගැන විමසමින් ඇයට පහරදී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය කියයි. ඇයව 29 වෙනිදා දහවල් වන තුරුම හෝටලයේ රදවා තබාගෙන හිරිහැර කළ බුද්ධි නිලධාරියා පසුව ඇයව මුදා හැර ඇත්තේ ගාල්ල බස් නැවතුම් පොල වෙත රැගෙන විත්ය.

    මේ සම්බන්ධයෙන් ඇය ගාල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබේ. එම විමර්ශන පවත්වන විට බුද්ධි නිලධාරියා නිවාඩු දමා පිටවගොස් තිබුණි.

    දින ගණනාවක් තිස්සේ අතුරුදන්ව සිටි මෙම කොස්තාපල්වරයාව පසුව ඊයේ අත්අඩංගුවට ගැැනීමට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත. ඔහුව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදා හැර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img