රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද නියම කළාය.
මෙහි ජල බෝකල් පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වීය.