තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු මාරුවට වෙනසක්

    ගුරු මාරුවට වෙනසක්

    රාජ්‍ය සේවකයන්ගේ පොදු ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව ගුරුවරුන්ගේ මාරුවීම් සිදුකළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතුවන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    ඩිජිටල් අධ්‍යාපන සංවර්තනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේ ය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවයි.

    තාක්ෂණය හඳුන්වා දී බොහෝ කලක් ගත වී තිබුණ ද එය නිසි ලෙස භාවිත වී නොමැති බවත් හතර වෙනි කාර්මික විප්ලවය අභියස තාක්ෂණික වශයෙන් අප බොහෝ පසුපසින් සිටින බවත් ඉදිරියේ දී ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් පරිවර්තනීය වෙනසක් ඉලක්ක කරගනිමින් ම අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

    සියලු ආධ්‍යාපනික පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්‍රමවේදය මත නිසා වහා ම විප්ලවීය තාක්ෂණික පරිපාලන වෙනසකට යා යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img