fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලකයන්ගේ ගෙවල් ගිනි තියනකල් බලන් හිටියා කියා පුටුවෙන් විසිවුණු ඕ.අයි.සී.ලාට අලුත් පුටු

    දේශපාලකයන්ගේ ගෙවල් ගිනි තියනකල් බලන් හිටියා කියා පුටුවෙන් විසිවුණු ඕ.අයි.සී.ලාට අලුත් පුටු

    ගාලු මුවදොර අරගලභූමියට එල්ලවුණු ප්‍රහාරයත් සමඟ මැයි 09 වෙනිදා රටපුරා ඇතිවුණු කලහාකාරී සිදුවීම් සහ ඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීම් නතර කිරීමට නිසි පියවර නොගත්තේ යැයි චෝදනා කරමින් ස්ථානාධිපතිධූර අහිමිකර සාමාන්‍ය පොලිස් රාජකාරියට අනුයුක්ත කළ පොලිස් නිලධාරීන් සියළු දෙනාට නැවත පොලිස් ස්ථානාධිපතිධූර ලබාදීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ.

    එසේ පැත්තකට විසිකල පොලිස් ස්ථානාධිපතිවරු 30 දෙනෙකුට වැඩි පිරිසක් එක්ව එම ස්ථාන මාරුවීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරමින් නීතිමය පියවර ගනිමින් සිටියදී පොලිස් මූලස්ථානය මෙම තීරණයට එළඹීම විශේෂිතය.

    එම නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දීමට සූදානම් වෙමින් ඇත්තේ මැයි 09 වෙනිදා ගාලුමුවදොර පහරදීම රටටපුරා කළහාකාරී සිදුවීම්වලට මුල බවය. එම පහරදීම වැලැක්වීමට කිසිදු පියවරක් නොගත් උසස් පොලිස් නිලධාරීන්ට කිසිදු පියවරක් නොගෙන මෙසේ තමන්ට සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුවීම ලබාදීම අසාධාරණ බව එම නිලධාරීන් පෙන්වා දෙයි. එසේ ස්ථානාධිපතිධූර අහිමි වූ නිලධාරීන් රැසක්ම පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සාමාන්‍ය වැසියන්ගෙන් ගුටිකන තැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් පත්වූයේ මැයි 09 වෙනිදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම බවය. ඊට වගකිවයුතු නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් නිර්දේශකර තිබියදීත් එය තැකීමකට ලක් නොකර සිටි පොලිස් මූලස්ථානය තමන්ට ස්ථාන මාරුවීම් ලබාදීම බලවත් අසාධාරණයක් බවද එම නිලධාරීන් පෙන්වා දෙයි.

    “එදා අපි කලහාකාරීව සිටි එක පුද්ගලයෙකුට වෙඩි තිබ්බ නම් එහෙමත් නැතිනම් අත්අඩංගුවට ගත්තනම් ලංකාවේ පොලිස් ස්ථාන කීයක් විනාශ වේවිද කියන්න බැහැ. එදා දවසේ තිබ්බේ එවැනි තත්ත්වයක්. ඔය තරමින් හරි තත්ත්වය පාලනය වුනේ එම අවස්ථාවේදී පොලීසියේ ක්‍රියාකාරීත්වය නිසයි. එහෙම නොවුණනම් එදා රට කොතරම් අරාජිකවේවිදැයි හිතා ගන්නවත් බැරිවෙනවා“ යැයි පොලිස් ස්ථානාධිපතිවරු රැසක්ම newswave.lk වෙත සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.