fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තාමත් වැඩ ඉවර නැති ලංකාවේ උසම ගොඩනැගිල්ලකුත් පෙන්වා තිලිණි සල්ලි ගරලා

    තාමත් වැඩ ඉවර නැති ලංකාවේ උසම ගොඩනැගිල්ලකුත් පෙන්වා තිලිණි සල්ලි ගරලා

    මෙරට අප්‍රකට ධන කුවේරයන් සහ කලු සල්ලි ජාවාරම්කරුවන් රැසක් රවටමින් රුපියල් බිලියන ගණනාවක් මුදල් වංචා කිරීමකට සම්බන්ධ තිලිණි ප්‍රියමාලි නැමැති කාන්තාව මෙරට ඉදිවෙමින් ඇති උසම තට්ටු ගොඩනැගිල්ලක නිවාස ද කෝටිපතියන්ට පෙන්වා එහි ඇති නිවාස ලබාදෙන බව කියමින් මුදල් ගරා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන විමර්ශනවලින් අනාවරණය වෙමින් තිබේ.

    මහල් 80කින් සමන්විත කුළුලු දෙකකින් යුත් එම ගොඩනැගිල්ලෙහි මේ වන විට එක් කුළුනක ඉදිකිරීම් සිදුවෙමින් ඇත. එම ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාල සමාගමේ කාර්යාලයක් එම ගොඩනැගිල්ල පාමුල පිහිටි ගොඩනැගිල්ලක පිහිටා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ එම ගොඩනැගිල්ල තුළද තිලිණි ප්‍රියමාලිගේ කාර්යාලයක් පිහිටා ඇති බවය.

    එම කාර්යාලයේදී ඇය හා මුණ ගැසුණු පුද්ගලයින් හදුනා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ආරක්ෂක කැමරා දත්ත පද්ධතිය සිය භාරයට ඊයේ ගෙන තිබෙන බවද සඳහන්ය.

    ඇය විසින් මෙසේ වංචා සහගතව රැස් කළ මුදල් වලට මේ වන විට සිදුවූ දෙයක් අනාවරණය වී නැත. බොහෝ විට එම මුදල් යම් තුන්වැනි පාර්ශවයක් සතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.