fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය 16 වැනිදා

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය 16 වැනිදා

     
    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය එළඹෙන 16 වැනිදා බෙයිජිං අගනුවර දී පැවැත්වේ.

    එම කොංග්‍රසය 16 වැනිදා උදේ 10.00 ට බෙයිජිං හි මහජන මහශාලාවේදී ආරම්භ වීමට නියමිතය. මීට සහභාගි වන සියලුම නියෝජිත පිරිස අද (14) රාජකාරි සඳහා වාර්තා කළහ.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය, චීන මාධ්‍ය සමූහය සහ Xinhuanet මගින් සජීව ලෙස  විකාශය කෙරෙනු ඇත. චීනයේ සෑම තරාතිරමකම ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා, විවිධ ප්‍රවෘත්ති වෙබ් අඩවි හා නව මාධ්‍ය වේදිකා රැසක මෙය විකාශය කිරීමට නියමිතයි

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.