fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුඹලියද්දේ නායයාමෙන් නොසිතූ ලෙස දිවිබේරාගත් දරුවා

    තුඹලියද්දේ නායයාමෙන් නොසිතූ ලෙස දිවිබේරාගත් දරුවා

    අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් නිවසක් මතට කඩාවැටීමෙන් යටවූ බවට සිතා සිටි එම පවුලේ එක් දරුවකු අද උපකාර පන්තියක සහභාගි වී සිටීම නිසා අනතුරට මුහුණ නොදී දිවි බේරාගැනීමට හැකිවී තිබේ.

    එම දරුවා පස්වරුවේ යළි නිවෙස බලා පැමිණ ඇති අතර අනතුර හේතුවෙන් අසල්වැසි නිවසක සිටින බවට වාර්තා වී ඇත.

    අනතුරින් පියාගේ දිවි ගලවාගැනීමට හැකිව තිබූ අතර ඔහු ප්‍රථිකාර සඳහා වරකාපොල රෝහල වෙත යොමුකර ඇත.

    එම පවු‍ලේ මව සහ තවත් දරුවකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරේ.

    මේ සඳහා මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ 75කට අධික සෙබළු පිරිසක් මෙහෙයුමහෙි නිරත වෙති.

    සබැඳි පුවත්
    තුඹලියද්දේ පස්කන්දට යටවූවන් සොයා හමුදාවේ 75ක් මෙහෙයුමක (📹)

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.