fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩුබායි ඉදන් ලංකාවේ කුඩු විකුණන ශිරාන් බාසික්ගේ සුපිරි හෝටලයක් තහනම් කෙරේ

    ඩුබායි ඉදන් ලංකාවේ කුඩු විකුණන ශිරාන් බාසික්ගේ සුපිරි හෝටලයක් තහනම් කෙරේ

    ඩුබායි ඉදන් මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස හදුනාගෙන සිටිින ශිරාන් බාසික් නැමැත්තා මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් යොදවා වෙනත් අයෙකුගේ නමින් මිලදී ගත්තේයැයි කියන වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ වෙරළට ආසන්නයේ පිහිටි රුපියල් කෝටි 15කට අධික වටිනාකමක් ඇති හෝටලයක් තහනම් කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය ඊයේ පියවර ගත්තේය.

    මෙම හෝටලය මේ වන විට පවත්වාගෙන යන්නේ ශිරාන් බාසික්ගේ පුතා විසින් බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි. ඔහු බොරලැස්ගමුවේ පදිංචිකරුවෙකි.

    මෙම හෝටලය වසර කිහිපයකට පෙර ශිරාන් බියික් විසින් වෙනත් පුද්ගලයෙකුගේ නමින් මිලදී ගෙන ඇති අතර එහි පරිපාලනය ඔහුගේ පුතා විසින් භාරගෙන ඇත්තේ පසුගිය වසරේදීය. එහිදී හෝටලය නවීකරණය කිරීම වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 160 මුදලක් යොදවා ඇති බවත් අදාල නවීකරණය කළ ආයතනයට තවත් රුපියල් ලක්ෂ 60 ක මුදලක් ලබාදීමට ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    මෙම හෝටලයේ සැබෑ හිමිකරු ශිරාන් බාසික් වූවත් ඔහුගේ පුතා එය මාසිකව රුපියල් ලක්ෂ 02ක කුළී පදනම මත ලියාපදිංචි හිමිකරුගෙන් ලබාගෙන පවත්වාගෙන යන ආකාරයට මෙම හෝටලය පවත්වාගෙන යන බවද නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි.

    මේ ආකාරයට ශිරාන් බාසික් විසින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් යොදවා මිලදී ගත් හෝටල් කිහිපයක් ගැනම තොරතුරු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට ලැබී තිබේ. එම හෝටල් තහනම් කිරීමටද අවශ්‍ය මූලික විමර්ශන පැවැත්වෙන බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.