fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොකු ලොක්කන් රවටමින් කෝටි 50කට වැඩේ දුන්න කතක් අල්ලයි

    ලොකු ලොක්කන් රවටමින් කෝටි 50කට වැඩේ දුන්න කතක් අල්ලයි

    සමාගම් හයක හිමිකාරිනිය බව පෙන්වමින් කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වෙනි මහල ම කුලියට ගෙන එහි සිය කාර්යාලයේ පවත්වාගෙන යමින් රුපියල් කෝටි 50කට අධික මූල්‍ය වංචාවකට සම්බන්ධ බව කියන කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.

    රජයට සම්බන්ධ පුද්ගලික ආරක්ෂක සමාගමක සන්නද්ධ ආරක්ෂකයින් යොදවාගෙන මෙම වංචාවේ නිරතව සිට ඇත්තේ රටේ ඉහළම ප්‍රභූවරුන් ඇගේ සමීපතමයින් බව පෙන්වමිනි.

    මැණික් ආශ්‍රිත ව්‍යාපාර සමාගමක්, ස්වර්ණාභරණ සම්බන්ධ සමාගමත්, චිත්‍රපට නිෂ්පාදනයට අදාළ සමාගමක්, ඉඩම් විකිණීමට සහ මිලදී ගැනීමට අදාල සමාගමක් , ගොඩනැගිලි ඉදිකිරීමේ ඉදිකිරීම් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සමාගමක් ඇතුළු සමාගම් හයක හිමිකාරිනිය ලෙස මෙම කාන්තාව වසර පහක් පුරා පෙනී සිටින බව අපරාධ පටි සඳ පාර්තමේන්තුව සඳහන් කරයි.

    රටේ ජනප්‍රිය ක්‍රීඩකයන්, කලාකරුවන්, දේශපාලඥයන් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයින් ඉතා ළඟින් ඇසුරු කරමින් ඒ අයට අතපය දිග හැර මුදල් වියපැහැදම් කරමින් ඇය ප්‍රකෝටිපති ව්‍යාපාරික චරිතය රගදක්වා ඇත්තයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙසේ දැන හඳුනා ගන්නා පුද්ගලයන්ටඉහළ පොලියක් ලබා දෙන බව සඳහන් කරමින් ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට පොළඹවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.ඇගේ බහට රැවටී විශාල පිරිසක් මුදල් ආයෝජනය කර මේ වන විට අමාරුවේ වැටී සිටිති.

    ඒ අයගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ අට දෙනෙක් පමණි. රුපියල් කෝටි 50කට අධික මුදලක් ඇය වංචා කර ඇත්තේ එම පුද්ගලයන් ගෙනි. ඒ එක් පැමිණිල්ලක ඇති ඇය විසින් වංචා කළ මුදල රුපියල් කෝටි 27 කි.

    කලාකරුවන්, ව්‍යාපාරිකයන්, ප්‍රකට භික්ෂූන් වහන්සේලා, දේශපාලඥයන්,,ක්‍රීඩකයන් රැසක් ඇයට රැවටි කෝටි ගනන් මුදල් අහිමි කරගෙන සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් ඇත.

    දේශපාලනයට සම්බන්ධ ප්‍රකට භික්ෂූන් වහන්සේ නමකගේ රුපියල් කෝටි තුනක් පමණ වටිනා සුකෝපභෝගී වාහනය ඇය විසින් ලබාගෙන එය උකස්කර එම මුදල් ද ඇය සේ පරිහරණයට යොදාගෙන තිබෙන බවද අනාවරණය වේ.

    මෙම කාන්තාව සන්නද්ධ ආරක්ෂකයන් පිරිවරා ගෙන ගමන් ගන්නේ ප්‍රභූවරයෙක් මාර්ගයේ ගමන් ගන්නා ලෙසය.

    ඇගේ එම හැසිරීම නිසාත්ප්‍රබල දේශපාලනඥයින් සමග ඉතා ළඟින් ඇසුරු කරන නිසාත් ඇයට එරෙහිව බොහෝ අය පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරියේදී ඇයට එරෙහිව පැමිණිලි කිරීමට බොහෝ පිරිසක් ඉදිරිපත් වනු ඇති බවයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.