fbpx
තවත්
    මුල් පිටුවspecialතෙල් සැපයුම අඩුකරන්න සූදානමක්

    තෙල් සැපයුම අඩුකරන්න සූදානමක්

    ඔපෙක් සංවිධානයේ සාමජික රටවල් සහ අනෙකුත් ප්‍රධාන පළේ තෙල් නිෂ්පාදන අනෙකුත් රටවල් එක්ව හෙට දිනයේදී ගෝලීය තෙල් සැපයුම් කප්පාදු කිරීමට අදාලව සුවිශේෂී තීරණයක් ගැනීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    මෙම තෙල් සැපයුම් සීමා කිරීමට අදාල රටවල් තීරණය කර ඇත්තේ ඇ්මරිකා එක්සත් ජනපදය විසින් දිගින් දිගටම තෙල් සැපයුම ඉහළ දමන ලෙස ඔපෙක් සංවිධානයෙන් ඉල්ලීම් කළ පසුබිමක් මත වීමද විශේෂත්වයකි.

    මීට මාස තුනකට පමණ පෙර ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවෙතැයි මතුව තිබූ භීතිය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120 සිට ඩොලර් 90 දක්වා පහත වැටි තිබිනි.

    ඒ අනුව මෙම මිල පහළ වැටීම යථා තත්ත්වයට පත්කිරීමට තෙල් කප්පාදු කිරීමට ඔපෙක් සංවිධානයේ සමාජික රටවල් සහ අනෙකුත් තෙල් නිෂ්පාදන රටවල් සිය සැපයුම් කපා හැරීමට තීරණය කර තිබේ.

    රොයිටර් පුවත් සේවය වාර්තා අනාවරණය කරනු ලබන්නේ, සෞදි ආරබිය සහ රුසියාව ඇතුලත් ඔපෙක් සංවිධානය සහ අනෙක් තෙල් නිෂ්පාදන රටවල් විසින් දෛනිකව නිපදනවන බොරතෙල් බැරල් මිලයන 1ත් 2ත් අතර සංඛ්‍යාවකින් කප්පාදුවක් කිරිමට අපෙක්ෂා කළ හැකි බවයි.

    කෙසවෙතත් මෙම තෙල් නිෂ්පාදනය කපා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඔපෙක් සංවිධානයට බලකරමින් සිටින්නේ කප්පාදුව ඉදිරියට ගෙන නොයන ලෙසයි.

    මේ අතර මීට පෙර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් සෞදි ආරබියෙන් සිය තෙල් නිෂ්පාදනය ඉහළ දමන ලෙසත් එමගින් තෙල් මිල පහළ දැමීමට කටයුතු කරන ලෙසටත් ඉල්ලා තිබිණි.

    කෙසේ වෙතත් එම ඉල්ලීම සෞදි ආරබිය විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර එය එක්සත් ජනපදයට මේවන විට ගෝලීය තෙල් මිලට බලපෑම් කිරීමට ඇති හැකියාව යම් ආකාරයකින් පහළ බැස ඇති බවට කරනු ලබන ඉඟියක් බවද ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.