fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා අද හෙටම ටී.අයි. ඩී. භාරයට

    වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා අද හෙටම ටී.අයි. ඩී. භාරයට

    පොලිස් අත්අඩංගුවේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා අද හෙටම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදීමට නියමිත බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම සහ හෂාන් ගුණතිලක යන තිදෙනා මේ වන විට සිටින්නේ පෑලියගොඩ පොලිස් භාරයේය.

    මොවුන්ව අත්අඩංගුවට ගත්තේ යැයි පොලීසිය පවසන්නේ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශය විසිනි. ඒ අනුව කැලණිය කොට්ඨාශයභාර පොලිස් අධිකාරීවරයාගෙන් ලබාගත් පැය 72ක රැදවුම් නියෝගයකට අනුව මේ වන විට පෑලියගොඩ පොලිස් ස්ථානයේ ඔවුන් තිදෙනා රදවාගෙන පරීක්ෂණ පවත්වයි.

    එම පැය 72ක රැදවුම් කාලය හෙටින් අවසන් වීමට නියමිතය. ඒ අතර ඔවුන්ව ත්‍රස්තවාදී පනතින් රදවාගෙන විමර්ශන පැවැත්වීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් අවසරය පොලීසියට ලැබී තිබේ. ඒ අනුව ඔවුන් තිදෙනාව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශ භාරයට පත්කිරීමට නියමිතය. ඒ අනුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට දින 90 කාලයක් ඔවුන්ව රදවාගෙන විමර්ශණ පැවැත්වීමට අවස්ථාව ලැබී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.