fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෞද්ගලීකරණය කළ හැකි රාජ්‍ය ආයතන - IMF සාකච්ඡාවලට වෙච්ච දේ ගැන ජනපති...

    පෞද්ගලීකරණය කළ හැකි රාජ්‍ය ආයතන – IMF සාකච්ඡාවලට වෙච්ච දේ ගැන ජනපති කියයි

    ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සහ මීළඟ ජනාධිපතිවරණය ආදී කරුණු ගණනාවක් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසසින් එංගලන්තයේ ‘ද ඉකොනොමිස්ට්’ පුවත් සේවය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබේ.

    එහිදී, ශ්‍රී ලන්කන් ගුවන් සේවය හැරුණු කොට, මෙරට පෞද්ගලීකරණය කළ හැකි රාජ්‍ය ආයතන පිළිබඳ විමසූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ටෙලිකොම් ආයතන එලෙස කළ හැකි බවත් ‍ඛනිජතෙල් සංස්ථාවට කුමක් කරන්නේද යන ගැටලුව ද පවතින බවයි.

    එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් තිබියදී ජුලි මාසයේ මෙරට පැවති කලබලකාරී තත්ත්වය හේතුවෙන් ඉදිරියට යාමට තිබූ කාලය පසුපසට තල්ලු වී ගිය බව ද ජනාධිපතිවරයා කීය.

    කෙසේවෙතත් මේ වනවිට කොටස් 3ක් අවසන් බවත් ශ්‍රී ලංකාව මුල්‍ය සහ නීති උපදේශන සහය ලබාගන්නා විශේෂඥ සේවා වන ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් කණ්ඩායම් ද පැමිණෙන බවත් තවදුරටත් සාකච්ඡා සිදුකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    2020 හෝ ඇතැම් විට 2030 දශකයේ අනාගත ජනාධිපතිවරයකු ලෙස රාජපක්ෂ කෙනෙකු ගැන ඔබ පුරෝකථනය කරනවාද? යනුවෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසුවේ තමාට අනාගතයට කතා කිරීමට නොහැකි බවයි.

    ඔබ ජනාධිපති වෙයි කියලා හිතුවද? යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියාසිටියේ ‘මගේ ගේ ගිනිතියයි කියලාත් මම හිතුවෙ නෑ’ යනුවෙනි.

    තවමත් ඔබ දේශපාලනිකව ශක්තිමත් බව ඔබට දැනෙනවා, එහෙත් ඔබේ හැඟීම්වලින් ඔබ ශක්තිමත් ද? යනුවෙන් විමසූ පැනයට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසුවේ “ඔව් ගෙදර ගියාම කියවන්න පොතක් නැතිවුණාම, අහන්න සිංදුවක් නැතිවුණාම එහෙම දැනෙනවා” යනුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.