fbpx
තවත්
    මුල් පිටුවඅනාවරණයාපනයේ ලොකුම මත්කුඩු ඡාවාරම්කරු අල්ලයි

    යාපනයේ ලොකුම මත්කුඩු ඡාවාරම්කරු අල්ලයි

    මුහුදු මාර්ග ඔස්සේ රැගෙන එන අයිස් මත්ද්‍රව්‍ය යාපනයේ සිට කොළඹට ප්‍රවාහනය කරන ඡාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (25) සමත් විය.

    කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද සවස කෝපායි හී නිවසක් සොදිසි කිරීමේදී අයිස් කිලෝ 05 ක් සමග පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කෙරුණු ප්‍රශ්න කිරීමකදී යාපනය සහ කොළඹ අතර සිදුවන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු හෙළිවී තිබේ.

    ඒ අනුව මෙම ඡාවාරමේ ප්‍රධානියෙක් බව කියන බෝට්ටු හිමි ව්‍යාපාරිකයෙක් යාපනය 04 වැනි හරස් වීදියේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමග අත්අඩංගුවට ගත් බව යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවැසීය.

    මෙම බෝට්ටු හිමිකරුට බහුදින යාත්‍රා ඇතුළු බෝට්ටු 45 ක් පමණ ඇතැයි විමර්ශන වලින් හෙළිවී ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය. යාපනය සහ කොළඹ අතර කේරල ගංජා ඡාවාරමද මෙහෙයවන්නේ ද මෙම පුද්ගලයා බව බුද්ධි අංශ හදුනාගෙන තිබේ. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් කේරල ගංජා තොග මෙරටට රැගෙන එන්නේද මේ පුද්ගලයා බවටද තොරතුරු බුද්ධි අංශවලට ලැබී තිබී ඇත. ඒ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු හෙළිවී තිබේ.

    යාපනය ගුරුනගර් හී පදිංචිකරුවෙක් වන බෝට්ටුහිමි ව්‍යාපාරිකයා ඇතුළු සැකකරුවන් දින 72 ක් රදවාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය සදහන් කරයි. මෙම අයිස් තොගය අලුත් අවුරුද්දට පෙර මෙරටට රැගෙන විත් ඇතැයි පොලීසිය සැකකරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.