fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැති ඇමතිකම්වලට දැන් බාධා නෑ - ධම්මිකට එරෙහි පෙත්සම් විසිවෙයි

    මැති ඇමතිකම්වලට දැන් බාධා නෑ – ධම්මිකට එරෙහි පෙත්සම් විසිවෙයි

    ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

    ඒ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව මතයි.

    මෙම පෙත්සම් සලකා බැලීම අද ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අනිල් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුවිය.

    ඒ දෙවන දිනට ය.

    කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නිවේදනය කළේ අදාළ පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාගය සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.