තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද විදුලි කැපිලි නෑ - හෙට සිට කාලසටහන මෙන්න..

    අද විදුලි කැපිලි නෑ – හෙට සිට කාලසටහන මෙන්න..

    අද (22) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

    අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ට ඒ සඳහා සූදානම් වීමටට පහසුකම් සැලසීම සදහා අද සහ ලබන 29 වැනි ඉරිදා දිනයේද විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව එම කොමිසම පැවසීය.

    කෙසේවෙතත් හෙට(23) සිට ජුනි 1 දක්වා විදුලිය කප්පාදු කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනුව හෙට සිට ජුනි 1 දක්වා දිනයන්හිදි පස්වරු 6.30 න් පසුව ද විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ.

    එම දිනයන්හිදි විභාගය නොපැවත්වෙන මධ්‍යහ්න 12 සිට පස්වරු 6.30 දක්වා කාලය තුලදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සදහා පැය1 විනාඩි 45 සිට පැය 2 විනාඩි 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු වේ.

    කාර්මික කලාප සදහා පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා ද කොළඹ වාණිජ නගර කලාපය සදහා පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා දෙදනිකව පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

    හෙට සිට ලබන 01 වැනිදා තෙක් ක්‍රියාත්මක විදුලි කප්පාදු කාලසටහන පහතින් දක්වා ඇත.

    Demand-Managmet-Schedule-23rd-May-to-01st-of-June_OL-Exam-Period
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img