fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්21 ව්‍යවස්ථා සංශෝධනය හෙට කැබිනට්ටුවට

    21 ව්‍යවස්ථා සංශෝධනය හෙට කැබිනට්ටුවට

    21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

    මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සකස් කිරීම සදහා අග‍්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක සහ තවත් නීතීඥවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇතැයි සඳහන් ය.

    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම් කිරීම, විගණන කොමිසම සහ ප‍්‍රසම්පාදන කොමිසම යන ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම යන කරුණු ද නව කෙටුම්පතේ ඇතුළත් වේ.

    21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අඩංගු කොට ඇති බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ ආචාර්ය විජයද‍ාස රාජපක්ෂ මහතා පවසා තිබේ.

    මහබැංකු අධිපතිවරයා පත් කිරීමේ බලය 21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව වෙත පවරා තිබේ.

    දැනට මහබැංකු අධිපතිවරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.