ජනපති පොදු සමාව අවභාවිතා කර පසුගිය කාලයේ සිරකරුවන් 200කට වැඩි පිරිසක් අනීතික ලෙස නිදහස් කිරීමට බන්ධනාගාර ප්‍රධානීන් කටයුතු කර ඇතැයි හෙළිවී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයේදී මෙම කරුණු හෙළිවී ඇත.
ජනාධිපතිවරයාගේ අත්සනින් පොදු සමාව යටතේ නිදහස් කිරීමට නම් කරන ලේඛනයේ ඇති සිරකරුවන්ට අමතරව කාලයක් තිස්සේ බන්ධනාගාර ප්‍රධානීන් සිරකරුවන් නිදහස්කර ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.