fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස්පති වෙච්ච දේ හරියටම කියයි

    පොලිස්පති වෙච්ච දේ හරියටම කියයි

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගෙන් පැය 5 කට ආසන්න කාලයක් අද ප්‍රශ්න කරනු ලැබීය.

    ගාලුමුවදොර අරගල කරුවන්ට පහරදුන් අරලියගහ මන්දිරය දෙස සිට පැමිණි කණ්ඩායම වලක්එවන්සේනට නොහැකිවූයේත් ඒ අයට පහර දීමට අවකාශ ලැබුණේත් පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලබා දුන් නියෝගයක් හේතුකොටගෙන බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කළ ප්‍රකාශයක් මුල්කරගෙන පොලිස්පතිවරයාගෙන් එසේ ප්‍රශ්න කර තිබේ.

    ඉදිරි දින කිහිපය තුළ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද ප්‍රශ්න කිරීමට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිටින්නේ සූදානමිනි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ එවන් ගැටුමක් ඇති වේ යැයි කල්තියාම බුද්ධි අංශ විසින් තමාව දැනුවත් කර තිබුණු බවය.එම බුද්ධි වාර්තාව පදනම් කරගෙන අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසට බුද්ධි වාර්තාද යොමුකරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට 08 වෙනිදා තමා උපදෙස් ලබා දුන් බවය.

    අරලියගහ මන්දිරය දෙසින් පැමිණෙන පිරිසට ගාලුමුදොර ට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස තමා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැහැදිලිවම උපදෙස් දුන්නා මිස ඔවුන්ට නිදහසේ එන්නයැයි නියෝගයක් හෝ උපදෙසක් නොදුන් බවද සදහන්කර ඇත.

    එසේම මෙතෙක් එම සිද්ධියට අදාලව හෙළිනොවූ තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පොලිස්පතිවරයා සදහන් කරමින් අරගලකරුවන්ට පහරදීමට ඉඩ සැලසුවේ කවුරුන්ද රාජකාරිය පැහැර හරිම්න් උද්ඝෝෂකයන අතර රැදී සිටිමින් කටයුතු කලේ කවුරුන්ද යන්න පවා පැහැදිලිවම සදහන් කර ඇති බව පොලිස් තොරතුරු සදහන් කළේය.

    මේ වන විට පොලිස්පතිවරයාගේ කටඋත්තරය පුබල සාක්ෂියක් බවට පත්ව ඇත බවත් මහජන ආරක්ෂක ලේකම්ගෙන් කටඋත්තරය ගැනීමෙන් පසු තවත් බොහෝ කරුණු හෙළිවනු ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.