තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වඳුරු උණ ලංකාවේ හඳුනාගන්න පුළුවන්ද? - ආචාර්ය චන්දිම ජීවන්දර

    වඳුරු උණ ලංකාවේ හඳුනාගන්න පුළුවන්ද? – ආචාර්ය චන්දිම ජීවන්දර

    ලොව රටවල් ගණනාවක පැතිර ඇති වඳුරු උණ ‍(Monkeypox) රෝගය පරීක්‍ෂා කිරීමට සහ රෝග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවේ අවශ්‍ය සියලුම යටිතල පහසුකම් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මෙම රෝගය හඳුනාගැනීමට සහ පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියාකාරක තම ඒකකය විසින් දැනටමත් ඇණවුම් කර ඇති බවත් ඒවා ලබන සතියේ මෙරටට ලැබෙන බවත් හෙතෙම කියාසිටී.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ රසායනාගාරයේ Monkeypox රෝගය විනිශ්චය කිරීමට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් පවතින බව හෙතෙම අවධාරණය කර සිටී.

    මේ වනවිට ලොව පුරා වදුරු උණ රෝගය වැලදුනු පුද්ගලයන් 80 දෙනෙකු රටවල් 11කින් හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    Monkeypox රෝගය සාමාන්‍යයෙන් නොමැති රටවල් 11කින් මේ වන විට මෙම රෝගීන් වාර්තා වී තිබීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩි අවධානයට යොමුවී ඇත.

    මෙම රටවල් සහ අනෙකුත් රටවල් සමඟ රීක්‍ෂණය පුළුල් කිරීමට සහ මගපෙන්වීම් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කඩිනම් පියවර ගෙන ඇත.

    මෙම රෝග ලක්ෂණ පවතින රෝගීන්ගේ පරීක්ෂණ 50 ක් ඉතිරිව ඇති බව තවත් එවැනි රෝගීන් වාර්තා වීමට ඇති ඉඩකඩ වැඩි බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

    අප්‍රිකාවේ දී මුලින්ම හඳුනාගත් වදුරු උණ නැමැති වෛරස් රෝගය මේ වන විට යුරෝපයට ද පැතිර ගොස් තිබේ.

    ප්‍රංශය බෙල්ජියම සහ ජර්මනියට අමතරව ඔස්ට්‍රියාව සහ තවත් යුරෝපා රටවල් කිහිපයක ආසාදිතයින් හදුනාගෙන ඇත.

    මෙය ඉතා දුර්බල රෝගයක් වන නමුත් මරණීය සංකූලතා ඇති නොවන බව වෛද්‍ය විශේෂඥයන් සදහන් කරයි.

    අධික උණ, මස් පිඩු වේදනාව, දද සහ කුෂ්ඨ, සමේ ගෙඩි, බිබිලි ආදිය ඇති වීම රෝග ලක්ෂණ වශයෙන් දැක ගැනීමට ලැබෙන බව ඔවුන් පෙන්වා දේත

    ස්පර්ෂය මගින් මෙන්ම දාඩිය සහ කෙල බිඳු මගින් ද වෛරසය පැතිර යා හැකියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img