fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක් ‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ සහය

    ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක් ‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ සහය

    ඩිජිටල් සහ භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාව නිශ්චිතවම තහවුරු කළ හැකි යෝජිත ඒකීය වූ ඩිජිටල් අනන්‍යතා රාමුව ඉන්දියානු ප්‍රධානයක සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම ප්‍රධානය ගැනීමට සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබී ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    ශ්‍රී ලංකාව සඳහා ඒකීය වූ ඩිජිටල් අනන්‍යතා රාමුවක් ස්ථාපිත කිරීම ජාතික මට්ටමේ වැඩසටහනක් වශයෙන් ප්‍රමුඛත්වය ලබා දී ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර ඇත. ජෛවමිතික දත්ත මත පදනම්ව පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීමේ උපකරණයක්, සයිබර් අවකාශය තුළ පුද්ගලයින්ගේ අනන්‍යතාව නියෝජනය කළ හැකි ඩිජිටල් මෙවලමක් සහ එකී උපකරණයන් දෙක සම්බන්ධ කිරීම මඟින් ඩිජිටල් සහ භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාව නිශ්චිතවම තහවුරු කළ හැකි හඳුනාගැනීමක් යෝජිත ඒකීය වූ ඩිජිටල් අනන්‍යතා රාමුව යටතේ හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලබයි. 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ඉන්දීය ගරු අග්‍රාමාත්‍යතුමා සහ අතිගරු ජනාධිපතිතුමා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස අදාළ කටයුතු සිදු කිරීමටත්, එම ප්‍රදානය යටතේ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් තාක්ෂණ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.