fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නත්තල් දා ලොව වැඩිපුරම ඩවුන්ලෝඩ් වූ TikTok

    නත්තල් දා ලොව වැඩිපුරම ඩවුන්ලෝඩ් වූ TikTok

    ලොව පුරා අතිශය ජනප්‍රිය සංගීතය මුසු වූ කෙටි වීඩියෝ මුදාහැරෙන සමාජ ජාලයක් වන Tiktok මෙම වසරේ නත්තල් දිනයේ බාගත කරගැනීමේ සටහනේ ඉහළින්ම සිටී.

    ජංගම දත්ත සහ විශ්ලේෂණ සමාගමක් වන App Annie ට අනුව, දෙසැම්බර් 25 වන දින ගෝලීය වශයෙන් බාගත කිරීම් සංඛ්‍යාව iOS සහ Google Play Store දෙකෙන් ඇස්තමේන්තු කර ඇත.

    Instagram, Facebook, WhatsApp Messenger සහ Snapchat වලට වඩා ඉදිරියෙන් නත්තල් දින බාගත කිරීම් ප්‍රස්ථාරයේ උඩින්ම ඇත්තේ TikTok ය.

    ජංගම දුරකතන ක්‍රීඩා apps සම්බන්ධයෙන් ගත් කල, ‘Brain Story: Tricky Puzzle’, ‘Poppy Rope Game’, ‘Metro Parkour’,’Free Fire’ සහ ‘ROBLOX’ බාගැනීම් වල මුල්ම පහට ශ්‍රේණිගත වී ඇත.

    ගෝලීය වශයෙන්, TikTok, Instagram සහ Facebook යන ලොව පුරා iOS සහ Google Play හරහා දෛනික බාගැනීම් සටහනේ ඉහළින්ම සිටී.

    තාක්ෂණික දැවැන්තයා වන Google අභිබවා වසරේ ජනප්‍රියම වෙබ් අඩවිය බවට මෑතකදී, TikTok පත්වූ බව තවත් වාර්තාවක් පවසයි.

    මෙම වසරේ පෙබරවාරි, මාර්තු සහ ජූනි මාසවලදී TikTok ජාලය Google පළමු ස්ථානයෙන් ඉවතට ඇද දැමූ අතර අගෝස්තු මාසයේ සිට අංක එකේ ස්ථානය හිමිකරගෙන ඇති බව ශ්‍රේණිගත කිරීම් පෙන්නුම් කරයි.

    චීනය පදනම් කරගත් Bytedance සතු මෙම සමාජ ජාලයට දැන් ලොව පුරා ක්‍රියාකාරී පරිශීලකයින් බිලියනයකට වඩා සිටි.

    එම සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වීම ද කැපී පෙනේ.

    2020 ජුනි මාසයේදී, චීනය සමඟ දේශසීමා ආතතීන් මධ්‍යයේ ඉන්දියානු රජය විසින් TikTok තහනමක් පනවා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.