fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිරිහානේ කිරිපිටි පෝලිම: ජනපති කී දේ.. අන්තිමට වෙච්ච දේ..

    මිරිහානේ කිරිපිටි පෝලිම: ජනපති කී දේ.. අන්තිමට වෙච්ච දේ..

    පැලවත්ත සමාගමේ කිරිපිටි නිෂ්පාදන ජනතාවට තදබදයකින් තොරව හා පෝලිම්වල රැදී සිටීමකින් තොරව ස්ථාන කිහිපයකදී මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

    ඒ අනුව හෙට (31) දින සිට මෙම අලෙවිසැල් සංඛ්‍යව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බවද පැල්වත්ත කිරිපිටි සමාගම විසින් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.

    පොලිස් මූලස්ථානය මේ බව නිවේදනය කරන ලද්දේ මිරිහාන ජුබිලිකනුවේ පිහිටි “කිරිපිටි වෙළඳ සැලකට පොලිසිය කඩාපැන එය සීල් තබා ඇති බවත්, පොලිසියට ඒ සදහා බලයක් නොමැති බවත් සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමිනි.

    කිරිපිටි වෙළදසැල් වලට සීල් තැබූවා යන මෙම අසත්‍ය ප්‍රචාරය ශ්‍රී ලංකා පොලීසිය විසින් තරයේ ප්‍රතික්ෂේප කර සිටී.

    මෙම සිදුවීමේ සත්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි පොලිස් මූලස්ථානය පවසන්නේ පැලවත්ත කිරිපිටි නිෂ්පාදන සමාගමේ කිරිපිටි නිෂ්පාදන මිලදී ගැනීමට මහජනතාව දිගු පෝලිම්වල රැදී සිටීමට හේතුව කුමක්ද යන්න සොයා බලන ලෙසට ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දුන් බවය.

    ඒ අනුව මේ පිලිබඳව පොලීසිය සිදුකල සොයා බැලීමේදී තදබදය සහ පෝලිම් ඇති වීමට හේතුව මිරිහාන ජුබිලිකණුව, ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි අලෙවිසැල මගින් කිරිපිටි නිෂ්පාදන නිකුත් කිරීමේදී ඇති වන ප්‍රමාදයත්, එක් කවුළුවකින් පමණක් නිෂ්පාදන අලෙවි කිරිමත් බව නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය කියයි.

    එ බැවින් පැලවත්ත කිරිපිටි නිෂ්පාදන සමාගමේ සභාපති ආරියශීලි වික්‍රමනායක මහතා සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ පිළිබදව සාකච්ඡා කොට අද දින (30) සිටම සමාගමේ අලෙවි ස්ථාන සංඛ්‍යාව වැඩි කොට කිරිපිටි නිෂ්පාදන බෙදා හැරිමේ කටයුතු ආරම්භ කර ඇත.

    මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වල අසත්‍ය තොරතුරු පලකරමින් පොලිසිය මගින් කිරිපිටි අලෙවි ස්ථාන සිල් තැබීමට කටයුතු කර ඇති බවට වැරදි තොරතුරු පලකර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.